Monday, November 2, 2009

සොයුර.........




දුව පැන්න
දඟ කෙරුව..
තනිකමට
මා එක්ක නිදි මැරුව
සොයුර.........

ගල් පඩිය මත උන්න
තරඟයට පඩි නග්ග
නුඹ..
මහා දිය කඳ මැද්දෙ
ජීවිතය ඉල්ලද්දි
උඹෙ දිවියත් මටම පිදු
අහින්සක උඹ.....

තනිකරල ඔබ යද්දි
නුඹෙ සයනෙ මතම හිඳ
ජීවිතය පරදිද්දි
සැබෑ මිතුදමක
මිහිරිතම මතකයන්
රිදුවාවි
අසමි මම දෙවියනේ
ඇයි ද වෙන්කලේ අප......