Saturday, July 21, 2012

බෝඩිම..


...... හූ හූ....
උදෑසන එලාම් එක...
එකෙක් නිදි කිරයි..
වතුර බාල්දිය...
ක්ෂ්නයකින්
ඌව තෙමනු නියතය
තේ එකට පොර කෑම
මතක් කරවයි...
කුකුල් කොටුවක්
තව පොඩ්ඩෙන්
මට තමා කෙලවෙන්නෙ
ඔන්න මාත් සෙට් උනා වලියට..


ජුලියා මට තේ මදී...
කියන එකාට වඩිපුර තේ දෙන තරම් බොක්ක..
බීල බලපන් 
තේරෙයි කොප්පෙ හෝදපු වතුර.. 
ඉස්තරම් බව..


මහන්සි දවසක්ම වැඩ කරලා
දැන් ඉතින් නිදාගමු.
හිතනකොට..
එකෙක් අරඹයි...
උගේ කන් පැලෙන මිහිරි ස්වරයෙන්..
ඒක පුද්ගල ප්‍රසංගය..
හුටා..


අපි විතරක් නෙවේ අහල පහල මිනිස්සුත්
අහපන්කො.. මුගෙ ????

Monday, August 16, 2010

අපේ පොඩිඋන්ට..........





නිදි මැරුවා දුක් වින්දා....
ඉමක් නොපෙනෙන අනාගතයක
සොඳුරු බව
දකින්නට වෙර දැරුවා.....

නුහුරු නුපුරුදු ලෝකෙකට 
ඇවිදිල්ලා....
මිනිස්සුද... යක්කුද..
සෙවුව ජීවිතය මේකමද......

ඉවසපන් ඉවසපන්...
මේ උඹෙ හොඳටමයි....
වැටහේවි උඹලටම....
ආයෙමත් උඹ ඉපදිලා....
අලුතෙන්ම හම්බ උන නමත් එක්ක....
ජීවිතේ සුන්දරම කාලයයි මේ....

සොඳුරු බව විඳපල්ලා....
ඒ තුලම ඇති 
නොපැහැදිලි අසුන්දරත්වයෙ සෙවනැල්ල....
වටහා ගන්නට තරම් උඹ
කවදහරි දවසක මෝරවි...

Wednesday, April 7, 2010

අවුරුදු චන්දය.....



අවුරුද්ද ඇවිදිල්ලා...
දැනුනෙවත් නැතිතරම්...
චන්දෙකුත් තියෙනවලු.....
පාර්ලිමෙන්තු යවන්න...

චන්දෙ දෙන්නෙ කාටද?
ගෙදර බර කතාවක්...
මටත් චන්දයක් තියෙන බව 
මතක් උනෙත් එතකොට...

ඕන එකෙක්ට මනාපෙ දෙනව..
හැබයි අපෙ පිරිතෙ කැටයමක් කපපන්...
මම සද්දයක් දැම්මා..
දඩාආආආආආආස්.......

අපෙ ගෙදර දොර වැහෙන සද්දෙ
campus එකේම උඹ අවුරුදු කාපන්
මාව ගෙදරින් දොට්ට විසිඋනා...........

Tuesday, December 29, 2009

එක හිතක් ලඟ..........

රෑ අඳුරෙ තනි වෙද්දි...
නෙතු අගට මෝදු වෙච්චි කඳුලු බිංදුව
උඹ හංගන්න හදන්නෙ 

මගෙන්ද වෙන කාගෙන් හරිද
කියල හොයන්න උත්සහ නොකෙරුවෙ
උඹෙ බැල්ම නොතෙරුන නිසාම නොවුන විත්තිය
මම දන්නව...

ආදරය කියන අකුරු හතරට
කුළුඳුල් වෙච්චි උඹ...
ඔය ඳඟකාර ඇස් වලින්
අකුරු කරන්නෙ ආදරයමද කියන්න
උඹ දන්නෙත් නෑ...

එත් උඹෙ ඔය දිලිසෙන ඇස් පතන දේ...
අකුරුවලට පෙරලන්න 

මගෙ හිත ඉඩ නොදෙන්නෙ
ඇයි කියන්න මම දන්නෙ නැති උනත්
උඹෙ ඔය දිලිසෙන ඇස් දෙක...
මට කරන ආදරය නිසාවෙන්ම
දවසක බොඳවෙවි...

ඉතින් මෙ නරුමයට සමාවෙයන්............


Sunday, November 22, 2009

අසම්මතය...


සේපාලිකා මල් වැටුනු
සෙනෙහෙබර හෝරාවක
වැහි බිංදු අතරින්
උඹෙ ඇස් දෙක දිහා බලන් ඉඳිද්දි
හිතේ තද කරන් ඉන්න ඔක්කොම දෙවල්
උඹට කියන්න ඔනෙ කියල හිතුනත්
තොල්පෙති අතරෙ සැඟවිලා
එ වචන ඉකිබිඳින්නෙ ඇයි කියල
හිත දන්නෙත් නෑ..........
හැම බැඳීමකම තේරුම හොයන ලෝකයා අස්සෙ
උඹෙ අත කොච්චරක් සිනිඳුද කියල
දැනගන්න පෙරුම් පිරුවට
දහසක් ඇස් අපි දිහා බලන් ඉන්න බව
මතක් වෙද්දි ....
හිත කීරි ගැහුනත්
එ අතරෙ එකෙක් හරි අපිව තෙරුම් ගනීවි කියල
හිතෙනකොට
උඹ මගෙන් වෙන් වෙලා ඉවරයි.......






Tuesday, November 17, 2009

ජීවිතය



කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුන, assignment අස්සෙ කිසිම අදහසක් එන්නෙ නෑ.
එත් මට ඊයෙ SMS 1ක් අවා.යාලුවෙක්ගෙන් වෙන්න ඇති....
නිකමට වගෙ බලද්දි එවල තිබුනෙ මිලින්ද කියල පොරක්
කවුද මිලින්ද...මතක් උනා.මතකය ගියෙ තන්තිරිමලේට..

අපි තන්තිරිමලෙ ගියෙ එහෙ තිබ්බ දුශ්කර ස්කෝල 3 කට O/L maths ගොඩදාන්න
අපි කිව්වෙ අපියි අපෙ අයියලයි
අපිට O/L මෙලො දෙයක් මතක නෑ. කෙලවෙයි කියල බයෙන් තමයි ගියෙත් ..
ස්කෝලෙ හිටපු කොල්ලො ටිකත් මැරයො වගෙ. ඔන්න ඉතින් උගන්නත් පටන් ගත්තා.මම නිකමට වගෙ පන්තියක අචචුපොත් කීයක් තියෙනවද අහුව. 2ක් විතර..එකෙක් හය්යෙන් උත්තර දුන්න
හෙනම අවුල්...
සමහර එවුන් ස්කොලෙට එන්නෙ කිලො මීටර් 6ක් බයිසිකලෙ පැදගෙන බයිසිකලෙ ටයර් නැ ට්යුබ් විතරයි..
සමහර එවුන්ට එකයි එකයි එකතු කරගන්නත් බැ..
ගුරුවරු ඉන්නෙ අතෙ ඇඟිලි ගානට
සමහර එවුන්ට කඩ්ඩ බැ XYZ හොල්මන් වගෙ...

එත් උන් මාර උනන්දුයි.ජීවිතේටම ජ්‍යාමිතිය කියන වචනෙ අහපු මුල්ම දවස එත් උන් හවස් වෙද්දි අපිටත් වඩා ඉක්මනට ගනන් හදනව..
අපෙ ඇස් වලටත් කඳුලු ඉනුව..


ජීවිතෙ ඔහොම තමයි
අ.........
මට SMS කරල තිබ්බෙ අපෙන් ඉගෙන ගත්තු කොල්ලෙක් එකා එවල තිබ්බෙ වචන 10 ක විතර SMS එකක්...එත් මල්ලි උඹෙ එක SMS එක මෙ අය්යගෙ හිතට කොච්චර බරක් එකතු කලාද දන්නෙ මෙ හිතම විතරයි........

Monday, November 2, 2009

සොයුර.........




දුව පැන්න
දඟ කෙරුව..
තනිකමට
මා එක්ක නිදි මැරුව
සොයුර.........

ගල් පඩිය මත උන්න
තරඟයට පඩි නග්ග
නුඹ..
මහා දිය කඳ මැද්දෙ
ජීවිතය ඉල්ලද්දි
උඹෙ දිවියත් මටම පිදු
අහින්සක උඹ.....

තනිකරල ඔබ යද්දි
නුඹෙ සයනෙ මතම හිඳ
ජීවිතය පරදිද්දි
සැබෑ මිතුදමක
මිහිරිතම මතකයන්
රිදුවාවි
අසමි මම දෙවියනේ
ඇයි ද වෙන්කලේ අප......