Sunday, November 22, 2009

අසම්මතය...


සේපාලිකා මල් වැටුනු
සෙනෙහෙබර හෝරාවක
වැහි බිංදු අතරින්
උඹෙ ඇස් දෙක දිහා බලන් ඉඳිද්දි
හිතේ තද කරන් ඉන්න ඔක්කොම දෙවල්
උඹට කියන්න ඔනෙ කියල හිතුනත්
තොල්පෙති අතරෙ සැඟවිලා
එ වචන ඉකිබිඳින්නෙ ඇයි කියල
හිත දන්නෙත් නෑ..........
හැම බැඳීමකම තේරුම හොයන ලෝකයා අස්සෙ
උඹෙ අත කොච්චරක් සිනිඳුද කියල
දැනගන්න පෙරුම් පිරුවට
දහසක් ඇස් අපි දිහා බලන් ඉන්න බව
මතක් වෙද්දි ....
හිත කීරි ගැහුනත්
එ අතරෙ එකෙක් හරි අපිව තෙරුම් ගනීවි කියල
හිතෙනකොට
උඹ මගෙන් වෙන් වෙලා ඉවරයි.......