Sunday, November 22, 2009

අසම්මතය...


සේපාලිකා මල් වැටුනු
සෙනෙහෙබර හෝරාවක
වැහි බිංදු අතරින්
උඹෙ ඇස් දෙක දිහා බලන් ඉඳිද්දි
හිතේ තද කරන් ඉන්න ඔක්කොම දෙවල්
උඹට කියන්න ඔනෙ කියල හිතුනත්
තොල්පෙති අතරෙ සැඟවිලා
එ වචන ඉකිබිඳින්නෙ ඇයි කියල
හිත දන්නෙත් නෑ..........
හැම බැඳීමකම තේරුම හොයන ලෝකයා අස්සෙ
උඹෙ අත කොච්චරක් සිනිඳුද කියල
දැනගන්න පෙරුම් පිරුවට
දහසක් ඇස් අපි දිහා බලන් ඉන්න බව
මතක් වෙද්දි ....
හිත කීරි ගැහුනත්
එ අතරෙ එකෙක් හරි අපිව තෙරුම් ගනීවි කියල
හිතෙනකොට
උඹ මගෙන් වෙන් වෙලා ඉවරයි.......






Tuesday, November 17, 2009

ජීවිතය



කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුන, assignment අස්සෙ කිසිම අදහසක් එන්නෙ නෑ.
එත් මට ඊයෙ SMS 1ක් අවා.යාලුවෙක්ගෙන් වෙන්න ඇති....
නිකමට වගෙ බලද්දි එවල තිබුනෙ මිලින්ද කියල පොරක්
කවුද මිලින්ද...මතක් උනා.මතකය ගියෙ තන්තිරිමලේට..

අපි තන්තිරිමලෙ ගියෙ එහෙ තිබ්බ දුශ්කර ස්කෝල 3 කට O/L maths ගොඩදාන්න
අපි කිව්වෙ අපියි අපෙ අයියලයි
අපිට O/L මෙලො දෙයක් මතක නෑ. කෙලවෙයි කියල බයෙන් තමයි ගියෙත් ..
ස්කෝලෙ හිටපු කොල්ලො ටිකත් මැරයො වගෙ. ඔන්න ඉතින් උගන්නත් පටන් ගත්තා.මම නිකමට වගෙ පන්තියක අචචුපොත් කීයක් තියෙනවද අහුව. 2ක් විතර..එකෙක් හය්යෙන් උත්තර දුන්න
හෙනම අවුල්...
සමහර එවුන් ස්කොලෙට එන්නෙ කිලො මීටර් 6ක් බයිසිකලෙ පැදගෙන බයිසිකලෙ ටයර් නැ ට්යුබ් විතරයි..
සමහර එවුන්ට එකයි එකයි එකතු කරගන්නත් බැ..
ගුරුවරු ඉන්නෙ අතෙ ඇඟිලි ගානට
සමහර එවුන්ට කඩ්ඩ බැ XYZ හොල්මන් වගෙ...

එත් උන් මාර උනන්දුයි.ජීවිතේටම ජ්‍යාමිතිය කියන වචනෙ අහපු මුල්ම දවස එත් උන් හවස් වෙද්දි අපිටත් වඩා ඉක්මනට ගනන් හදනව..
අපෙ ඇස් වලටත් කඳුලු ඉනුව..


ජීවිතෙ ඔහොම තමයි
අ.........
මට SMS කරල තිබ්බෙ අපෙන් ඉගෙන ගත්තු කොල්ලෙක් එකා එවල තිබ්බෙ වචන 10 ක විතර SMS එකක්...එත් මල්ලි උඹෙ එක SMS එක මෙ අය්යගෙ හිතට කොච්චර බරක් එකතු කලාද දන්නෙ මෙ හිතම විතරයි........

Monday, November 2, 2009

සොයුර.........




දුව පැන්න
දඟ කෙරුව..
තනිකමට
මා එක්ක නිදි මැරුව
සොයුර.........

ගල් පඩිය මත උන්න
තරඟයට පඩි නග්ග
නුඹ..
මහා දිය කඳ මැද්දෙ
ජීවිතය ඉල්ලද්දි
උඹෙ දිවියත් මටම පිදු
අහින්සක උඹ.....

තනිකරල ඔබ යද්දි
නුඹෙ සයනෙ මතම හිඳ
ජීවිතය පරදිද්දි
සැබෑ මිතුදමක
මිහිරිතම මතකයන්
රිදුවාවි
අසමි මම දෙවියනේ
ඇයි ද වෙන්කලේ අප......

Sunday, November 1, 2009

සිහිනයකි නුඹ.........

නෙතු අතරෙ පොදි බැඳුනු
දිග පලල හීන...
නොපෙනෙන්න
නෙතු පියන් වැසුයෙමි


ඔබ එන්න...
වලාකුළු බැම්ම පිස හමන
සිහිල් සුලඟ
ඔබෙ කෙහෙ රැලි විසුරවාවි
පාරට නැමුනු මාරත්මල්
උඹට පාර කියාවි...


ඉදින්........
නෙතු අරින්නෙමි මම
ජීවිතය හීනයක් නොවුන නිසාවෙන්ම
අවසරයි සමුගන්මට
අයිතියක් (ඇති/නැතී)
සොඳුරු වූ ඔබෙ දිවියෙන්.....