නිදි මැරුවා දුක් වින්දා....
ඉමක් නොපෙනෙන අනාගතයක
සොඳුරු බව
දකින්නට වෙර දැරුවා.....
නුහුරු නුපුරුදු ලෝකෙකට
ඇවිදිල්ලා....
මිනිස්සුද... යක්කුද..
සෙවුව ජීවිතය මේකමද......
ඉවසපන් ඉවසපන්...
මේ උඹෙ හොඳටමයි....
වැටහේවි උඹලටම....
ආයෙමත් උඹ ඉපදිලා....
අලුතෙන්ම හම්බ උන නමත් එක්ක....
ජීවිතේ සුන්දරම කාලයයි මේ....
සොඳුරු බව විඳපල්ලා....
ඒ තුලම ඇති
නොපැහැදිලි අසුන්දරත්වයෙ සෙවනැල්ල....
වටහා ගන්නට තරම් උඹ
කවදහරි දවසක මෝරවි...