Sunday, November 1, 2009

සිහිනයකි නුඹ.........

නෙතු අතරෙ පොදි බැඳුනු
දිග පලල හීන...
නොපෙනෙන්න
නෙතු පියන් වැසුයෙමි


ඔබ එන්න...
වලාකුළු බැම්ම පිස හමන
සිහිල් සුලඟ
ඔබෙ කෙහෙ රැලි විසුරවාවි
පාරට නැමුනු මාරත්මල්
උඹට පාර කියාවි...


ඉදින්........
නෙතු අරින්නෙමි මම
ජීවිතය හීනයක් නොවුන නිසාවෙන්ම
අවසරයි සමුගන්මට
අයිතියක් (ඇති/නැතී)
සොඳුරු වූ ඔබෙ දිවියෙන්.....

1 comment:

  1. වැසූ නෙත් පියන් අරිනකොට..
    උඹේ ඇස් අගින් ගිලිහුනු කඳුළු බිංදුව....
    මං ඇරෙන්න තව කී දෙනෙක්
    දැක්කද දන්නෙ නෑ...
    හැබැයි ඔය කඳුළු වලින් දියකරන්න හදන
    වේදනාබර අතීතය...
    ලස්සනට පිපෙන්න තියන
    උඹෙ හෙට දවසත් උදුරගනීද කියල
    මට නම් සැකයි...

    ReplyDelete