Sunday, November 22, 2009

අසම්මතය...


සේපාලිකා මල් වැටුනු
සෙනෙහෙබර හෝරාවක
වැහි බිංදු අතරින්
උඹෙ ඇස් දෙක දිහා බලන් ඉඳිද්දි
හිතේ තද කරන් ඉන්න ඔක්කොම දෙවල්
උඹට කියන්න ඔනෙ කියල හිතුනත්
තොල්පෙති අතරෙ සැඟවිලා
එ වචන ඉකිබිඳින්නෙ ඇයි කියල
හිත දන්නෙත් නෑ..........
හැම බැඳීමකම තේරුම හොයන ලෝකයා අස්සෙ
උඹෙ අත කොච්චරක් සිනිඳුද කියල
දැනගන්න පෙරුම් පිරුවට
දහසක් ඇස් අපි දිහා බලන් ඉන්න බව
මතක් වෙද්දි ....
හිත කීරි ගැහුනත්
එ අතරෙ එකෙක් හරි අපිව තෙරුම් ගනීවි කියල
හිතෙනකොට
උඹ මගෙන් වෙන් වෙලා ඉවරයි.......






3 comments:

  1. ජීවිතය කදුලක්ම
    වෙලා මම තනිව
    අත හැර ඔබ ගියේ
    ලෝකයාගේ බස් වලට
    එහෙම ගිය ඔබ
    මතු දිනක
    නැවත මා
    තනිකරාවි කදුලු ලෝකයක
    එනිසා මේ වෙන්වීම අගනකි
    මට කදුලට වඩා

    ReplyDelete
  2. ජීවිතය කඳුලක් බව සැබෑය......
    ජීවිතය ජය ගැනුමට වෙර දරන්න...
    මන්ද ජීවිතය ජය ගැනුම
    සැමටම කල නොහැකි සිහිනයක් නිසාවෙන්ම..............

    ReplyDelete
  3. බොඳ ඇස්වල මිදුනු කඳුලු
    අතීතයේ හැන්දෑවක
    සරසවියේ ආකාසේ
    හීන් හඩින් ඉකි ගැසුවා..
    ඈත දුරක යන්න හිතන්
    ඔබ සමුගත් ඒ මොහොතේ
    අතහරින්න දුක හිතුනට
    අතැගිලි මට අතහැරුනා..
    හුගක් ආදරේ කී හිත
    ඔබ නැතිදා තනිවෙනකොට
    සරසවි බිම දඟ කල ඒ
    අපෙ පිය සටහන් මැකුනා..
    දුර හිඳ හිත රිද්දනකොට
    නෙතේ කඳුලු හංගාගෙන
    ඔබෙ සිනහව කල සරදම්
    සුළගේ පා කර හැරියා..
    සෙනෙහසේ මතක ඉඳ හිට
    මුවට සුසුම් ගෙන එන විට
    අකුරු කෙරූ පාඩම් පොත්
    කඳුලු වලින් බොඳ කෙරුනා..
    ඒ කඳුලැලි පිසලන්නට
    ඔබ නො එනා බව දැනුනම
    සමාවෙන්න මේ අතැගිලි
    වෙන අතැගිල්ලක බැදුනා..

    ReplyDelete