Tuesday, November 17, 2009

ජීවිතය



කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හිතුන, assignment අස්සෙ කිසිම අදහසක් එන්නෙ නෑ.
එත් මට ඊයෙ SMS 1ක් අවා.යාලුවෙක්ගෙන් වෙන්න ඇති....
නිකමට වගෙ බලද්දි එවල තිබුනෙ මිලින්ද කියල පොරක්
කවුද මිලින්ද...මතක් උනා.මතකය ගියෙ තන්තිරිමලේට..

අපි තන්තිරිමලෙ ගියෙ එහෙ තිබ්බ දුශ්කර ස්කෝල 3 කට O/L maths ගොඩදාන්න
අපි කිව්වෙ අපියි අපෙ අයියලයි
අපිට O/L මෙලො දෙයක් මතක නෑ. කෙලවෙයි කියල බයෙන් තමයි ගියෙත් ..
ස්කෝලෙ හිටපු කොල්ලො ටිකත් මැරයො වගෙ. ඔන්න ඉතින් උගන්නත් පටන් ගත්තා.මම නිකමට වගෙ පන්තියක අචචුපොත් කීයක් තියෙනවද අහුව. 2ක් විතර..එකෙක් හය්යෙන් උත්තර දුන්න
හෙනම අවුල්...
සමහර එවුන් ස්කොලෙට එන්නෙ කිලො මීටර් 6ක් බයිසිකලෙ පැදගෙන බයිසිකලෙ ටයර් නැ ට්යුබ් විතරයි..
සමහර එවුන්ට එකයි එකයි එකතු කරගන්නත් බැ..
ගුරුවරු ඉන්නෙ අතෙ ඇඟිලි ගානට
සමහර එවුන්ට කඩ්ඩ බැ XYZ හොල්මන් වගෙ...

එත් උන් මාර උනන්දුයි.ජීවිතේටම ජ්‍යාමිතිය කියන වචනෙ අහපු මුල්ම දවස එත් උන් හවස් වෙද්දි අපිටත් වඩා ඉක්මනට ගනන් හදනව..
අපෙ ඇස් වලටත් කඳුලු ඉනුව..


ජීවිතෙ ඔහොම තමයි
අ.........
මට SMS කරල තිබ්බෙ අපෙන් ඉගෙන ගත්තු කොල්ලෙක් එකා එවල තිබ්බෙ වචන 10 ක විතර SMS එකක්...එත් මල්ලි උඹෙ එක SMS එක මෙ අය්යගෙ හිතට කොච්චර බරක් එකතු කලාද දන්නෙ මෙ හිතම විතරයි........

1 comment:

  1. උන්ගෙ වචන එච්චර බර ,ඒ වචන ජීවිතේ මිරිකල ගත්ත "දුකෙන්" පෙගිලා බරවෙලා තියෙන නිසා වෙන්න ඇති...

    ReplyDelete